බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ අපරාධ නිවාරණ මෙහෙයුමකදී සැකකරුවන් 1084 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය ඊයේ සමත් වුණා.
බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ඊයේ පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා මෙම මෙහෙයුම ක්‍රියාත්මක විය.
පොලිසිය පැවසුවේ මෙම මෙහෙයුමෙන් සැකකරුවන් 556 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති බවයි.
එමෙන්ම මෙම වැටලීමේදී අපරාධ වැරදි කිහිපයකට සම්බන්ධ සැකකරුවන් 352ක් සහ විවිධ අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයන් 32ක් අත්අඩංගුවට ගෙන ඇත.