බලය ගන්න තියෙන තියුණුම ආයුධය හෙළි කරයි

බලය ලබා ගැනීමට තියෙන තියුණුම ආයුධය වන්නේ බොරුව බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:- පාර්ලිමේන්තුවේදී පැවසීය.

නමුත්  ලබා ගත් බලය ඉදිරියට ගෙනයාම සඳහා ඒ ආයුධය පාවිච්චි කරන්න බැරි බවද අබේගුණවර්ධන මහතා කීය.

“ජනාධිපතිගේ අයවැය යෝජනා මමත් ඕන කමින් ඇහුවා. ආණ්ඩුවේ ඉන්න 159 ඒ කතාවට 83 වතාවක් අත්පුඩි ගැහුවා.අයවැය යෝජනාවලියේ සංවර්ධනය වෙනුවෙන් මුදල් වෙන් වෙච්ච හැටි කියනකොට එහෙම අත්පුඩි ගැහුවා. අපිත් ඔය පැත්තෙ ඉඳගෙන අපේ ජනාධිපතිවරු කතා කරනකොට එහෙම අත්පුඩි ගැහුවා.එහෙම අත්පුඩි ගසමින් ඉඳලා රෑ නිදිය ගත්තා. උදේ එළිවෙන කොට  ගෙවලුත් ගිනි තියලා. එහෙම තමයි.අපි නොහිතපු දේවල් වෙනවා.මේවා ගැන අවබෝධයෙන් කටයුතු කරන්න ඕන.

මේ විවාදෙදි දැඩි ලෙස විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් එල්ල වුණු චෝදනාව කුමක්ද? ගිය වසරේ අයවැය වියදම් වලින් සියයට 50 කටවත් කිට්ටු වී නැති බව කියැවුනා.මේකට හේතුව ගැන හොයන්න.
නිලධාරීන් බය කරලා තියෙන නිසා දැන් තීන්දු ගන්නේ නෑ.පහුගිය අවුරුද්දේ මුදල් ටිකට වුණේ ඕක තමයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *