පොළොන්නරුව, යාපනය ඇතුළු දිස්ත්‍රික්ක 5කට උණුසුම් කාලගුණය පිළිබඳ උපදේශනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (27) දිනය සඳහා පොළොන්නරුව, යාපනය, කිලිනොච්චිය, මුලතිව් සහ මොනරාගල දිස්ත්‍රික්කවලට උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ උපදේශනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, දිවා කාලයේදී ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය වන උෂ්ණතා දර්ශකය (Heat Index) ‘අවධානය යොමු කළ යුතු මට්ටමක් (Caution)’ දක්වා ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එබැවින්, ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, හැකිතාක් සෘජු හිරු එළියට දීර්ඝ වේලාවක් නිරාවරණය වීමෙන් වළකින ලෙසත් ජනතාවට උපදෙස් ලබාදී තිබේ.

එමෙන්ම, දවසේ උණුසුම වැඩිම කාලය තුළ අධික ශාරීරික වෙහෙසක් ඇති කරන එළිමහන් ක්‍රියාකාරකම් සීමා කරන ලෙසද ජනතාවට දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *