වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ යාල ජාතික වනෝද්‍යානයේ කලාප 1 සහ 2 සැප්තැම්බර් 14 සිට සංචාරකයන් සඳහා තාවකාලිකව වසා දමන බවයි.
ඒ අනුව, මෙම කලාප දෙක ඔක්තෝබර් 15 දක්වා තාවකාලිකව වසා තැබීමට නියමිතය.
පවතින වියළි කාලගුණ තත්ත්වය සහ නියඟය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


