පොහොට්ටුවේ නායකයෝ ආරක්ෂක ලේකම් පොලිස්පති හමුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිවරයා එන සතියේ හමුවේ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තීරණය කර ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂක නිලධාරීන් පාවිච්චි කළ සියලුම වාහන රජය ලබා ගැනීමෙන් ඔහුට ආරක්ෂාව ලබාදීමට බරපතළ ගැටලුකාරී තත්වයක් පැන නැගී ඇති හෙයින් මෙම තීරණයට පැමිණි බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ ගමගේ මහතා පැවසීය.

හිටපු ජනාධිපතිවරයාට ලබා දී තිබූ වෙඩි නොවදින රථය සහ තවත් වාහන දෙකක් රජයේ දැනුම් දීම අනුව පසුගියදා බාරදෙනු ලැබීය.

මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරීන්ට ගමන් කිරීමට මේ වන විට එකම වාහනයක් හෝ නොමැති ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *