පොලිතින් භාවිතය මිලියන 26 සිට මිලියන 16 දක්වා අඩු කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ මැදිහත්වීම් සාර්ථකයි

පාරිභෝගික කටයුතු අධිකාරියේ (CAA) සක්‍රීය මැදිහත්වීම හේතුවෙන් රට පුරා පොලිතින් භාවිතය මිලියන 26කින් මිලියන 16ක් දක්වා අඩු කිරීමට හැකිවී ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

පොලිතින් භාවිතය තවදුරටත් අවම කරමින් පරිසරයට සිදුවන බලපෑම අඩු කිරීමේ අරමුණින් පොලිතින් සඳහා විකල්ප හඳුන්වාදීමත් සමඟ මෙම වැඩසටහන ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව එහි නිලධාරීහු සඳහන් කළහ.

ආහාර හා පාන වර්ගවල ප්‍රමිතීන් සම්බන්ධයෙන් මෙන්ම මිල පාලනය සම්බන්ධයෙන්ද දැඩි නියාමනයක් ඉල්ලා ජනතාවගෙන් ඉදිරිපත් වන ඉල්ලීම්වලට වඩාත් අවධානයෙන් ප්‍රතිචාර දැක්වීමේ අවශ්‍යතාව නිලධාරීහු අවධාරණය කළහ.

මෙම කරුණු අනාවරණය වූයේ 2026 අයවැය ප්‍රතිපාදන යටතේ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ 2027 පූර්ව අයවැය සාකච්ඡාව සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *