පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 30 ක් පමණ ඇතුළත්ව සිටින පොදුජන එක්සත් පෙරමුණ එළඹෙන ජනාධිපතිවරණයේදී වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්වන බව එම පෙරමුණේ නායක අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.
පොදුජන එක්සත් පෙරමුණ සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පුළුල් සන්ධානයක් බවත් එම සන්ධානය නායකත්ව මණ්ඩලයක් මගින් පාලනය වන බවත් අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේය.


