හොරෙන් ගෙනා සැප වාන දෙකක් අල්ලස් කොමිසමට බාර දෙයි

ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවූ ලෑන්ඩ් කෘෘෂර් රථයක් සහ පැජරෝ රථයක් එහි හිමිකරුවන් විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකයට බාරදී ඇත.

ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවූ රථ 7 ක් ඊයේ (14) දිනට පෙර රේගුව බාරයට ගැනීම සදහා ඉකුත් (6) දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කර තිබුණි.

ඒ අනුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව එහි වර්තමාන හිමිකරුවන් එම මෝටර් රථ දෙක ඉකුත් (12) අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවට බාරදී ඇත.

එම වාහන සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකර ලබන (23) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *