පෙට්‍රල් – ඩීසල් මිල බස්සයි

පෙට්‍රල් සහ ඩීසල් මිල 31 මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12 කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2 කින්, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 3 කින් පහළ දැමූ බව එම සංස්ථාව සඳහන් කළේය.

භූමිතෙල් මිල පෙර මිලේම තව දුරටත් පවතින බව එම සංස්ථාව කීය. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 332 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 377 ක්, ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 307 සහ සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 352 ක් බව ද එම සංස්ථාව සඳහන් කළේය.

භූමිතෙල් ලීටරයක මිල රුපියල් 202 ක් ලෙස තව දුරටත් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *