ශ්රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) එක්ව සිදුකළ මෙහෙයුමකදී පුත්තලම, මුලිපුරම් ප්රදේශයේදී විදේශීය දුම්වැටි 7,000ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වයඹ නාවික විධානය යටතේ ක්රියාත්මක එස්එල්එන්එස් තම්බපණ්ණි කඳවුරට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මෙම මෙහෙයුම සිදුකර ඇත.
ඒ අනුව එස්එල්එන්එස් විජය නාවික හමුදා කඳවුරේ නිලධාරීන් සහ STF නිලධාරීන් එක්ව මුලිපුරම් ප්රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී නීතිවිරෝධී ලෙස ගබඩා කර තිබූ විදේශීය දුම්වැටි තොගය සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු 49 හැවිරිදි නොරොච්චෝලේ ප්රදේශයේ පදිංචිකරුවෙකු බව නාවික හමුදාව සඳහන් කරයි.
සැකකරු සහ අත්අඩංගුවට ගත් දුම්වැටි තොගය වැඩිදුර නීතිමය කටයුතු සඳහා පුත්තලම පොලීසිය වෙත භාරදී තිබේ.


