එළඹෙන සඳුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත කැබිනට් පත්‍රීකාවෙන් සිය ගැටලු සඳහා පිළිතුරු නොලැබුණහොත් අරගලය නව මාවතකින් ඉදිරියටම ගෙනයන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි.
ඔහු මේ අදහස් පළ කළේ, අද පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමිනි.
වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ආණ්ඩුවට බලකරමින් ගුරු – විදුහල්පති සංගම් ආරම්භ කළ වර්ජනයට අදට දින 20ක් සම්පුර්ණ වේ.