පාසල් සිසුවියන් සහ කාන්තාවන් කිහිප දෙනෙකුගේ හිසකෙස් කැපීම සම්බන්ධයෙන් 33 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට

බණ්ඩාරවෙල, හීල්ඔය ප්‍රදේශයේදී බස් රථයක ගමන් කළ පාසල් සිසුවියන් දෙදෙනෙකුගේ කොණ්ඩය කැපූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එක් පාසල් සිසුවියක් මේ සම්බන්ධයෙන් තම පියාට දැනුම් දීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයා ඌව පරණගම ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා බණ්ඩාරවෙල පොලිසිය විසින් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ තමන් මීට පෙර අවස්ථා වලදීද පාසල් සිසුවියන් කිහිප දෙනෙකුගේ සහ කාන්තාවන්ගේ හිසකෙස් කපා ඇති බවයි.

සැකකරුට අයත් බෑගය තුළ තිබී හිසකෙස් නටඹුන් කිහිපයක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සැකකරු විවාහකයෙකු බව පවසමින් ඔහු තම අවශ්‍යතාවය සඳහා මෙම ක්‍රියාව සිදු කර ඇති බව ද සඳහන් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *