නිතිපතා පාතාල වෙඩි තැබීම් හා අපරාධ රටේ සිදුවන්නේ රාජ්‍ය අනුග්‍රහයෙන් යැයිද මත්කුඩු අල්ලන නිලධාරීන් මාරු කරන්නේ ඒ නිසා යයිද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කලේ නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන් පෙරමුණේ මූලස්ථානයේදී මාධ්‍යවේදීන් අමතමිනි.මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ
අපිට රටේ සාමාන්‍ය ජනතාවට දැනෙනවා.මොකද හැමදාම රටේ කොහේ හරි තැනක සංවිධානාත්මක අපරාධකරුවෙක් වෙඩි තියලා ජීවිතයක් දෙකක් නැති කරනවා. සංවිධානාත්මක අපරාධ පිටිපස්සේ පැහැදිලිවම මේ ආණ්ඩුව ඉන්නවා මම මීට කලිනුත් කිව්වා.මොකද ආණ්ඩුවෙන් පෝෂණය ලබන සංවිධානාත්මක අපරාධකරුවෝ ඉන්නවා.අද ආණ්ඩුව මත්ද්‍රව්‍ය අල්ලනවා කියනවා.හැබැයි ඔබ බැලුවොත් මත්ද්‍රව්‍ය කිලෝ ගණන් අල්ලපු හැම නිලධාරියෙක්ටම ස්ථාන මාරු දීලා තියෙනවා.මත්ද්‍රව්‍ය වැඩියෙන්ම වැටලීම් කරපු හැම නිලධාරියෙක්ටම ආණ්ඩුව ස්ථාන මාරුවීම් දීලා තියෙනවා. ඇයි ඒ තමන්ගේ ආණ්ඩුවට සහයෝගය දෙන සංවිධානාත්මක අපරාධකරුවෙන්ගේ මත්ද්‍රව්‍ය හෝ සංවිධානාත්මක අපරාධයක් ඇල්ලුවොත් ඔහුව ඒ තැනින් ඉවත් කරලා දානවා.”


