ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට පැවරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
ඒ අනුව, පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය මෙන්ඩිස්ගේ පළමු නායකත්ව වගකීම වනු ඇත.
කුසල් මෙන්ඩිස් මේ වන විට ටෙස්ට් තරග 75කට සහ සියලුම ආකෘතිවලින් ජාත්‍යන්තර තරග 343කට ක්‍රීඩා කර තිබේ.


