පරාජිත දේශපාලන ව්‍යාපාර ජාතිවාදය යළිත් ඇති කරනවා – එරංග ගුණසේකර

පරාජිත දේශපාලන ව්‍යාපාර රට තුළ යළිත් ජාතිවාදයක් ඇති කිරීමට උත්සාහ දරන බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි.

ගොතටුව, වෙට්ලන්ඩ් පාර්ක් ප්‍රදේශයේ පැවති තෛපොංගල් සැමරුම් උත්සවයට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, පුරවැසියන් ලෙස එක්වී එය පරාජය කළ යුතු බවය.

‘පරාජිත දේශපාලන ව්‍යාපාර, ජනතාව ප්‍රතික්‍ෂේප කළ දේශපාලනඥයින් ජාතිවාදය ඉදිරියට ගේන්න විවිධ උත්සාහයන් දැරුවත් පුරවැසියන් ලෙස එක්වී එය පරාජය කළ යුතු වෙනවා. බලා සිටීමෙන් එය කරන්න බැහැ. 

අවදියෙන් සිටින්න. සත්‍ය පිළිබඳ කතා කරන්න. ජනතාව සහමුලින් පරාජය කළ, රටට නොගැළපෙන පරාජිත පිරිස නැවත ගෙන ඒමට හැදුවත් මේ රටේ ප්‍රගතිශීලී ජනතාව ලබාගත් ජයග්‍රහණ ආපස්සට හරවා ගැනීමට සූදානම් නැති බව කිව යුතුයි.’

Leave a Reply

Your email address will not be published. Required fields are marked *