නේපාලයේ නව පාලනයට ඉන්දියාවෙන් සුබපැතුම්

නේපාලයේ හිටපු අගවිනිසුරුවරියක් වූ සුෂිලා කර්කිගේ නායකත්වයෙන් යුතුව එරට අන්තර්වාර රජයක් පිහිටුවීම පිළිබඳව ඉන්දීයාව ප්‍රසාදය පළ කර තිබේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ මෙම පියවර නේපාලය තුළ සාමය සහ ස්ථාවරත්වය පෝෂණය කිරීමට උපකාරී වනු ඇති බවට අපේක්ෂා කරන බවය.

එමෙන්ම ඉන්දියාව නේපාලය සමග සමීපව කටයුතු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

නේපාලයේ අන්තර්කාලීන අගමැති ලෙස අභිනවයෙන් දිවුරුම් දුන් සුෂිලා කාර්කිට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද සුබ පැතුම් එක්කර තිබේ.

නේපාල ජනතාවගේ සාමය සහ සමෘද්ධිය වෙනුවෙන් ඉන්දියාව දැඩි ලෙස කැපවී සිටින බවද මෝදි සිය X ගිණුමේ සටහනක් යොදමින් සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *