නීතියට පයින් ගසා කෝටි 668ක් ණයට බෙදලා

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය  අර්ථසාධක අරමුදලේ රීතිවලට පටහැනිව රුපියල් කෝටි හයකට වැඩි  අධ්‍යාපන ණය සහ රුපියල්  කෝටි 662  කට ආසන්න වටිනා දේපල ණය 2024 වර්ෂයේදී  ලබාදී ඇති බව  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව )තොරතුරු අනාවරණය විය.

නියමිත ක්‍රමවේදයෙන් බැහැරව අධ්‍යක්ෂ මණ්ඩලයේද  කම්කරු කොමසාරිස්වරයාගේ සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාගේද  අනුමතියකින්  තොරව සහ 2003 අර්ථසාධක අරමුදල් රෙගුලාසිවල සංශෝධන ගැසට් නිවේදයකින්  ප්‍රකාශයට පත් නොකර මෙම ණය ලබාදී  තිබූ බව එම කමිටුව පවසයි.

වහාම මේ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස කෝපා කමිටුව නිර්දේශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *