නිදහස් උත්සව ආරක්ෂක මෙහෙයුමේ දී කුඩ්ඩෙක් මාට්ටු

නිදහස් උත්සවයට පෙර නිදහස් චතුරස්‍රය අවට ප්‍රදේශ පරික්ෂාවකදී රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි.

නිදහස් උත්සවයට ජනාධිපතිවරයා ද සහභාගි වීමට නියමිත බැවින් ලැබෙන සෑම තොරතුරක් සම්බන්ධයෙන්ම විශේෂ අවධානයක් යොමු කරමින් සිටියදී  ධර්මපාල මාවතේ නගර සභාව ආසන්නයේ  බස් නැවතුමක සැකකටයුතු පුද්ගලයකු සිටින බවට කුරුඳුවත්ත පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් එදිරිවිර මහතාට ලද තොරතුරකට අනුව සැකකරු පරීක්ෂා කිරීමේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *