නඩු භාණ්ඩ කාමරයෙන් බඩු ඉස්සූ පියන් මාට්ටු

වැල්ලවාය අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ ගංජා කිලෝ ග්‍රෑම් 171යි ග්‍රෑම් 285 ක් සහ නඩු බඩු වශයෙන් තිබූ ගිනි අවියක් සොරාගෙන ගියේ යැයි කියන එම අධිකරණයේ කාර්යාල කාර්ය සහායකයෙක් වැල්ලවාය පොලිසිය විසින්  අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ කොස් ලන්ද, මා වෙළගම ප්‍රදේශයේ පදිංචි හතළිස් තුන් හැවිරිදි අයෙකි.

මෙම ගංජා තොගයේ වටිනාකම රුපියල් එක්කෝටි දෙලක්ෂයක් පමණ වන බව පොලිසිය සඳහන් කරයි.

නඩු භාණ්ඩ කාමරයේ තිබී සොරාගන්නා ලද විදේශීය නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවිය නඩු භාණ්ඩයක් වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබී ඇත්තේ ගෝනගං ආර පොලිසිය විසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *