ශ්‍රීලනිපයේ ලිපිගොනු අතුරුදහන්: වැඩ බලන ලේකම්ගෙන් පැමිණිල්ලක්

කොළඹ 10, ඩී. බී. ජයා පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ තිබූ වැඳගත් ලිපිගොනු කීපයක් අතුරුදහන්ව ඇති බවට එම පක්‍ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා මරදාන පොලිසියට පැමිණිළි කර තිබේ.

එම පක්‍ෂයේ පරිපාලනයට සම්බන්ධ ඉතාම වැඳගත් ලිපිගොනු කීපයක් එසේ අතුරුදහන්ව ඇති බව ද ඒ මහතාගේ පැමිණිල්ලේ සඳහන් කර ඇති බව මරදාන පොලිසියේ නිලධාරියකුගෙන් කළ විමසුමකදී පැවසීය.

අදාල පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්‍ෂණ මේ වන විට ආරම්භ කර ඇති බවත් ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ සේවකයන් ඇතුළු කීපදෙනෙක්ගෙන් ප්‍රකාශ සටහන්කරගැනීමට නියමිත බවත් එම පොලිස් නිලධාරියා වැඩි දුරටත් කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *