ධීවර වරාය සංස්ථාවේ ඉහළම පුටු තුනක් ගෙදර යවයි

ලංකා ධිවර වරාය නිතිගත සංස්ථාවේ සාමාන්‍යධිකාරි, මානව සම්පත් කළමාණකරු, සහ  මුල්‍ය කළමණාකාරවරියගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි  අත්හිටුවිමට ලංකා ධිවර වරාය නිතිගත සංස්ථාව විසින්  කටයුතුකර ඇත.

2023  වර්ෂයේ දෙසැම්බර් මස  යාපනයේ පැවති  ධිවර සතිය වැඩසටහන වෙනුවෙන් වැයකරන ලද  රුපියල්  හයලක්ෂයක මුදල (600,000.00)   සම්බන්යෙධන් සිදුකරණ ලද මුලික විමර්ශන වාර්තාවේ නිර්දේශයන්ට අනුව  සහ අංක 2025-06.01 දරණ අධ්‍යක්ෂක මණ්ඩල පත්‍රිකාව සහ 2025.11.01 දිනැති අධ්‍යක්ෂක මණ්ඩල තිරණයට අනුව  ඉදිරියේ දි පැවැත්විමට නියමිත  විධිමත් විනය පරික්ෂයේ  නිගමන වලට යටත්ව 2026.01.07 වැනිදින  සිට ක්‍රියාත්මක වන පරිදි  මෙම නිලධාරින්ගේ සේවය  අත්හිටුව ඇත.

ලංකා ධිවර වරාය නිතිගත සංස්ථාවේ සභාපති බි.ඒ.පි. කපිල බමුණුආරච්චි  මහතාගේ අත්සනින් සේවය අත්හිටුවිමේ ලිපි මෙම නිලධාරින් වෙත යොමුකොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *