දෙමඩගොඩ පාළු නිවසක ගිනිඅවි-උණ්ඩ-මැගසිනයක් සොයාගනි

දෙමටගොඩ දුම්රිය ස්ථානය පිටුපස පාලු නිවසක තිබී මෙරට නිෂ්පාදිත මිලිමීටර් නමය වර්ගයේ ගිනි අවියක් ,ටී 56 වර්ගයේ ගෙනියවියකට යොදන මැගසිනයක් හා ටී 56 වර්ගයේ ජීව උණ්ඩ දෙකක් භාරයට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

උප පොලිස් පරීක්ෂක සුපුන් බණ්ඩාර මහතාට ලද තොරතුරකට අනුව දුම්රිය ස්ථානය පිටුපස පාළු ඉඩමක පිහිටි අතහැර දමා තිබූ නිවස පරීක්ෂා කිරීමේදී සහල් අලෙවිය සඳහා භාවිතා කරන බෑගයක ඔතා සැක කටයුතු පාර්සලයක් හමු වූ බව පැවසේ.

පසුව එය පරීක්ෂා කිරීමේදී එහි තිබී මෙරට නිෂ්පාදිත මිලිමීටර් නමය වර්ගයේ ගිනි අවියක් , ටී 56  වර්ගයේ ගෙනි අවියකට යොදන මැගසිනයක් හා ටී 57 වර්ගයේ ජීව උණ්ඩ දෙකක් හමුවූ බව පොලිසිය පවසයි.

මෙම ගිනි අවි උපකරණ  කිසියම් අයකු විසින් මෙම ස්ථානයට ගෙනවිත් දමා යන්නට ඇති බවට පොලිසිය සැක කරන අතර ඒ සම්බන්ධයෙන් අවට සවිකර ඇති ආරක්ෂිත කැමරා දර්ශන පරීක්‍ෂා කොට  වැඩිදුරේ විමර්ශන කිරීමට නියමිතය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *