දූෂිත නිලධාරීහු 400ක් පොලීසියෙන් දොට්ට

දූෂිත නිලධාරීන් හාරසීයක් පමණ පසුගිය කාලයේදී පොලිස් සේවයෙන් ඉවත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එල්.යූ වුට්ලර් මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති වැඩමුළුවකදීය.

පොලිස් දෙපාර්තමේන්තුවේ අසූ දාහකට ආසන්න නිලධාරීන් පිරිසක් සිටින බවත් ගෙදර යැවූ වැඩි පිරිසකට ඇත්තේ විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ චෝදනා බවත් ඔහු සදහන් කළේය.

මේ අතර විෂ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් සීයකට වැඩි පිරිසක් මෑත කාලයේදී වැඩ තහනමට ලක් කෙරිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *