දුම්රිය ස්ථානාධිපතිවරු වෘත්තීය සටනට සැරසෙයි

දුම්රිය ස්ථානාධිපති සේවයේ බඳවාගැනීමේ පටිපාටිය පිළිබඳ ගැටලුවට ප්‍රවාහන සහ දුම්රිය බලධාරීන් විසඳුම් නොදෙන්නේ නම් මෙම මස 23 වැනිදායින් පසුව වෘත්තීය ක්‍රියාමාර්ගයකයට එළඹෙන බව දුම්රිය ස්ථානාධිපති සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා නව බඳවාගැනීමේ ක්‍රියාපටිපාටියට අදාල අන්තර්කාලීන විවිධිධාන සඳහා නිරීක්‍ෂණ සහ නිර්දේශ මීට මාස 4 කට පෙර යොමුකර තිබුණ ද ඒවා ක්‍රියාත්මක නොකිරීමෙන් දුම්රිය ස්ථානාධිපති සේවය අර්බුදයකට පත්ව ඇති බවත් ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන් මේ පිළිබඳව මෙම මස 9 වැනිදා දැනුවත් කිරීමට කටයුතු කළ ද විසඳුම් දීමට අපොහොසත්ව ඇති බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතාගේ අස්සනින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *