දිඹුලාගල‍ සෙල්ලිපිය මාසයක්ම කියවලා

ඓතිහාසික දිඹුලාගල කඳු මුදුනින් හමුවූ ලොව විශාලතම දුර්ලභ ගණයේ සෙල්ලිපියේ සියලු අක්ෂර  අලුයම වන විට කියවා අවසන් වූ බව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලාංකාර නාහිමියෝ පැවැසූහ.

දිගින් අඩි 50කින් සහ පළලින් අඩි 09 කින් යුත් මෙම දුර්ලභ ගණයේ විශාලතම සෙල්ලිපිය ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසට අයත්යැයි සැලකෙන බව 2023 ඔක්තෝබර් 26 වැනිදා සිට මාසයක පමණ කාලයක් අධ්‍යයනය කරමින් ඒ පිළිබඳ සොයා බැලීමට පැමිණි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායම් අනාවරණය කර ගත්හ.

ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි, ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ පීඨාධිපති ගල්වැවේ විමලචන්ති හිමි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛනාංශයේ සංවර්ධන නිලධාරී කන්තලේ සුමිත්ත හිමි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛනාංශයේ සහකාර අධ්‍යක්ෂ බුද්ධි නාගොඩවිතාන, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන අංශය පර්යේෂණ නිලධාරී තනුර දයානන්ද, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන අංශයේ සහකාර අධ්‍යක්ෂ කෞශල්‍යා දිසානායක, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන අංශයේ පර්යේෂණ නිලධාරී තුෂාරි සහම්පති යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් ඉකුත් 15 වැනිදා සිට සෙල්ලිපිය කියවීම් කටයුතු ආරම්භ කර ඊයේ 17 වැනිදා අලුයම් කාලය දක්වාම එම සෙල්ලිපිය කියවීමේ කටයුතු සිදුකළ බව රාහුලාලංකාර නාහිමියෝ පැවැසූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *