‘‘දිට්වා‘‘ පරිත්‍යාග ගොඩේ කල් ඉකුත් වූ බෙහෙත්

කාලගුණ ආපදාවෙන් පසු විදේශීය පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු පරිත්‍යාග අතර රුපියල් කෝටියකට අධික කල් පැනපු බාල බෙහෙත් (EXPIRED DRUGS) සහ විවිධ උපකරණ තිබී සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේවා පුත්තලම සිමෙන්ති කම්හලට යවා පිළිස්සීමට කටයුතු කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.

මෙම බෙහෙත් කල්පැනපු බාල ඒවා බව මූලික නිරීක්ෂණවලදී තහවුරු වීමෙන් පසු මෙසේ ඉවත් කෙරුණු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.

පරිත්‍යාග වශයෙන් ලැබෙන සියලුම බෙහෙත් වර්ග ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණාගාරයට යවා පරීක්ෂා කෙරෙන බවත් ඒවා රෝහල්වලට යවන්නේ එම පරීක්ෂණවලින් පාවිච්චියට සුදුසු බවට තහවුරැ කර ගැනීමෙන් අනතුරුව බවත් අමාත්‍යාංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *