දැදුරුඔයට හතරක් බිලි – අයෙක් අතුරුදන්

කිරිබත්ගොඩ සිට මුන්නේශ්වරන් දක්වා විනෝද චාරිකාවක් ගොස් ආපසු ඒද්දී දැදුරුඔයේ දිය නෑමට ගිය පිරිසක් අතර සිටි සිව් දෙනකු මියගොස් එක් අයකු අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.

අතුරුදන්ව ඇත්තේ වයස අවුරු 13 -14 අතර වයසේ පිරිසක් බවට තහවුරු නොවූ පුවත් සඳහන් කරයි.

මුන්නේෂ්වරන් සහ තලවිල දේවස්ථානය නරඹා ආපසු කිරිබත්ගොඩ දක්වා පැමිණෙමින් සිටින අතර තුර හලාවත – පුත්තලම මාර්ගයේ දැදුරඔයේ පාලම අසලින් දිය නෑමට ගොස් ඇතැයි පොලිසිය කියයි. දියන නෑමට දස දෙනකු පමණ ඔයට බැස ඇතැයි පවසයි.

මුලින් දිය නෑ ස්ථානය ගැඹුරු මදි බව පවසා එහි සිටි පිරිසක් ඉන් ඔබ්බට ගොස් ඇත. ඒ සමග සැඩපහරට අසුවූ පිරිස ගසාගෙන යද්දී ඉන් හතර දෙනකු අසල්වාසීන් බේරාගත් බව අසල්වැසියෙක් පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *