deepal

දරුවන් අතරේ ඉන්ෆ්ලුවන්සා උණ සහ පාචනය

දරුවන් අතරේ ඉන්ෆ්ලුවන්සා උණ සහ පාචනය පැතිරීමේ වැඩිවීමක් දක්නට ලැබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතා පැවසීය.

මේ හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත නොවන ස්ථානවලින් ආහාර ගැනීමෙන් වලකී සිටින ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන්ද මෙම රෝගී දරුවන් රැසක් පසුගිය දිනවල වාර්තා වූ බව පවසන දීපල්පෙරේරා මහතා මැස්සන්ගෙන් ආහාර පරිස්සම් කර ගැනීම, පිරිසුදු වතුර පාවිච්චිය, වැසිකිළි  යැමෙන්  පසු හොඳින් අත් සෝදා ගැනීම පාචනය පැතිරීම වළක්වා ගත හැකි බවද  සඳහන් කරයි.

ඉන්ෆ්ලූවන්සා උණ වැළඳුණු දරුවන් රැසක් ප්‍රතිකාර ලබා පිටව ගිය බවද ඔහු සඳහන් කළේය.

මේ අතර මෙරටට කුරුලූ උණ පැතිරීමේ අවදානමක් නැතැයි  විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *