තාඹුගල වරද පිළිගනී

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වැට් බදු වාර්තා ඉදිරිපත් නොකිරීමේ චෝදනාවට වරද පිළිගත් අවුරා ලංකා හර්බල් සමාගමේ සභාපති විරංජිත් තාඹුගල විත්තිකරුට රුපියල් 25,000 දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මහාරච්චි මහතා අනියම කළේය.

එකතුකළ අගය මත බදු (වැට්)වාර්තා 2019 වර්ෂයේ තුන්වෙනි කාර්තුව සඳහා නිසි පරිදි ඉදිරිපත් නොකිරීමේ චෝදනාව යටතේ දේශීය ආදායම් කොමසාරිස්වරයා පැවරූ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම දඩ මුදල් නියම කළේය.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී තාබුගල මහතා අධිකරණයේ පෙනී සිටි අතර අදාළ චෝදනාවට වරද පිළිගන්නා බව ඔහුගේ නීතිඥවරයා පැවසීය.

දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් නීතිඥ දිනේෂ් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා විත්තිකරු නඩුවේ චෝදනාවට වරද පිළිගත් හෙයින් රුපියල් විසි පන්දහසක දඩයක් නියම කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *