තවත් ඇමතිවරයෙක් ජනාධිපති ඉදිරියේදී දිවුරුම් දෙයි

වෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මඩකලපුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී  දිවුරුම් දී ඇති බව වාර්තා වේ.

මීට අමතරව සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා පාර්ලිමේන්තු මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සහ, වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ නියෝජිතයෙක් ලෙසද කටයුතු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *