අලුත්ගම – මොරගල්ල ප්‍රදේශයේදී 23 හැවිරිදි කාන්තාවක් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් තරුණයින් තිදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් විසින් අදාළ කාන්තාව පැහැරගෙන ගොස් මෝටර් රථයකින් යක්වත්ත ප්‍රදේශයේ නිවසකට රැගෙන යාමට උත්සාහ කර ඇති බව අලුත්ගම පොලිසිය පවසයි.
කෙසේ වෙතත් පොලිසිය එම රථය ලුහුබැඳ ගොස් සැකකරුවන් අත්අඩංගුවට ගෙන මෝටර් රථය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් තරුණයින් අවුරුදු 21, 25 සහ 28 යන වයස්වල පසුවන අලුත්ගම සහ මොරගල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්.
අසාර්ථක ප්‍රේම සම්බන්ධයක් මත මෙම පැහැර ගැනීම සිදුව ඇති බව පොලිසිය පවසයි.
අලූත්ගම රෝහලේ ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව ඊයේ රාත්‍රියේ පහරකෑමට ලක්වූ දැරිය දෙමාපියන් වෙත භාරදී තිබෙනවා.