LK reports news sinhala

ට්‍රම්ප් ඉරානයට පහර දෙයි ද?

ඉරානයේ තෝරාගත් ඉලක්ක වෙත පහර දීමට ඇති හැකියාව පිළිබඳව  සාකච්ඡා කිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එරට රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කැඳවා ඇතැයි  රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත  වාර්තා කළේය.

හමුදාමය හා ආර්ථිකමය වශයෙන් ඉරානයට එරෙහිව ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව ජනපති ට්‍රම්ප් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර සාකච්ඡා කරනු ඇතැයි එම පුවත්පත සඳහන් කළේය.

ඊලෝන් මසක්ගේ  අන්තර්ජාල සේවය මගින් ඉරාන ජනතාවට අන්තර්ජාල පහසුකම් ලබාදීමට ඇති හැකියාව පිළිබඳවද ජනපති ට්‍රම්ප් සොයා බලනු ඇතැයි එම පුවත්පත ප්‍රකාශ කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *