ජනකට පක්ෂය විකුණන්න අල්ලස් ගත්ත දෙන්නාට ඇප

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපතිවරයකු වන ජනක රත්නායක මහතාට ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීම සඳහා පක්ෂය ලබාදීමට රුපියල් කෝටි 03ක අල්ලසක් ඉල්ලා ලබා ගත්තේ යැයි රිමාන්ඩ් බාරයේ රඳවා සිටි එක්සත් ලංකා පොදුජන පක්ෂයේ සභාපති හා ලේකම්වරයා කොන්දේසි සහිත ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා  නියෝග කළේය.

රුපියල් 50,000/- බැගින් මුදල් සහ රුපියල් ලක්ෂය බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත මෙලෙස මුදා හරින ලද්දේ එක්සත් ලංකා පොදුජන පක්ෂයේ සභාපතිවරයා වන හේවා වලිමුණිගේ නිහාල් ප්‍රේමකුමාර හා ලේකම්වරයා වන රුවන්තිලක පේදුරුආරච්චි නමැත්තන්ය.

ඇප තැබීමෙන් අනතුරුව අධිකරණයේ අවසරයකින් තොරව සැකකරුවන්ට විදේශ ගතවීම වළකාලමින් නියෝගයක් නිකුත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *