චීන ආධාර රැගත් ගුවන් යානයක් කටුනායකට

මහජන චීන ජනරජය විසින් පරිත්‍යාග කළ , මෙරට ආපදාවට පත් වී සිටින ජනතාව සදහා රුපියල් මිලියන 400 ක් වටිනා  අධාර තොගයක් චීන ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක්  මගින් ඊයේ( 08) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

බෝයිං 747 – 400 වර්ගයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වූ එය අද  දින උදෑසන 10.47 ට චීනයේ ෂැංහයි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

එම ගුවන් යානය තුළ කිලෝ ග්‍රෑම් 84,525 ක් බරැති  ජීවිතාරක්ෂක කබා , කූඩාරම් , බ්ලැන්කට් සහ ඇද ඇතිරිළි තොගයක් තිබුණි .

මෙම අවස්ථාවට වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක , ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී චැන්ග් හොන්ග් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *