චාමර මාසයක් ගොළු වෙන්න ඔට්ටුවක් අල්ලයි

විපක්ෂය සංවිධානය කරන නුගේගොඩ රැස්වීමට විසිදාහක් නොආවොත් තමා පාර්ලිමේන්තුවේ මාසයක් කතා නොකරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

“දැන් බුදු පිළිම සිද්ධිය විපක්ෂයේ අහිංසක අපේ ඇඟේ දාන්න හදනවා.විජේපාල මහත්තයා තමයි 21 වෙනිදා රැස්වීමට අපිට සපෝට් එක දීලා තියෙන්නේ. ඒකට අපිට කරන්න දෙයක් නෑ .අපේ රැස්වීමට කාගේවත් සෙනග ඕන නෑ.විසිදාහකට වැඩිය සෙනඟ එදාට එනවා.ගණන් කරලා තියාගන්න.අපි ගෙනල්ලා පෙන්නනවා.

එහෙම නාවොත් මම මාසයක් මේ පාර්ලිමේන්තුවේ කතා කරන්නේ නෑ  ලියලා තියාගන්න” යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *