ගෝනවල පාළු ගේකින් ගිනි අවියක් උණ්ඩ මතුවෙයි

අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වරයක්, උණ්ඩ 3 ක් ගෝනවල පාළු ගොඩනැගිල්ලක සගවා තිබියදී සොයාගත් බව පෑලියගොඩ මූලස්ථාන පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු කැලණිය ගෝනවල ප්‍ර දේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි.

එම සැකකරු ඉකුත් 10 වැනිදා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 53 ක් සහ මිලිග්‍රෑම් 200 ක් සමග අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග ලබාගෙන සිදුකළ ප්‍රශ්න කිරිම්වලදී මෙම ගිනි අවිය සහ උණ්ඩ පොලිසිය සොයාගෙන ඇත.

බස්නාහිර පළාත් උතුර බාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතාගේ මෙහෙයවීම පරිදි කැලණිය කොට්ඨාස භාර I ජ්‍යෙස්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහතාගේ මගපෙන්වීම යටතේ පෑලියගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක අසේල කළුවිතාරණ මහතා ඇතුළු නිලධාරීහු විමර්ශන සිදුකළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *