ගෝඨා – සමන් ඒකනායක සී.අයි.ඩී.යට කැඳවයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්වරුන් සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

ගාලු මුවදොර පිටියේ ‘අරගලය’ විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය පාලනය කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දුන් ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත බව ආරංචි මාර්ග පැවැසුවේය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එක්සත් රාජාධානි සංචාරය සහ එහිදී රාජ්‍ය අරමුදල් අවභාවිත වී ඇති බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අද(01) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමට නියමිත බව ද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *