ගිය වසරේ විගණන වාර්තාව කතානායකට බාරදෙයි

2024 වර්ෂයට අදාළ විගණකාධිපතිවරයාගේ වාර්ෂික වාර්තාව  වැඩබලන විගණකාධිපති ජී.එච්.ඩී ධර්මපාල මහතා විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට  පාර්ලිමේන්තු සංකීර්ණයේදී  භාරදෙනු ලැබීය

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල, අධිකාරී, ව්‍යවස්ථාපිත අරමුදල්, ව්‍යවස්ථාපිත නොවන අරමුදල්, විදෙස් ආධාර ව්‍යාපෘති, පළාත් සභා, පළාත් පාලන ආයතන, රාජ්‍ය සමාගම් ඇතුළු ආයතන ගණනාවක්  විගණනය කර  වාර්ෂික වාර්තාව සකස් කර   ඇත.

මෙම අවස්ථාවට නියෝජ්‍ය විගණකාධිපති එස්.ටී.ඩී රත්නායක, විගණන අධිකාරි ආර්.ඩී සේනාරත්න,  කථානායකවරයාගේ සම්බන්ධීකරණ ලේකම් චමීර ගාල්ලගේ යන මහත්ම මහත්මීහු ද  සහභාගීවූහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *