ගාල්ල බන්ධනාගාර ළිඳේ නාමින් සිටි රැඳවියා ළිඳට වැටී මරුට

ගාල්ල බන්ධනාගාරය තුල ළිඳේ දිය නාමින් සිටි රැඳවියෙකු ළිඳට වැටී සිටියදි කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ අක්මීමණ ගොනාමුල්ල පදිංචිකරුවෙකුවු 22 හැවිරිදි රැදවියෙකි.

මොහු මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන්  අක්මීමණ පොලිසිය මගින් අත්අඩංගුවට  ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීීීීමෙන්  පසු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි අයෙකි.ඔහු 15 වන දින උදේ බන්ධනාගාරය තුල පිහිටි ළිදේ නාමින් සිට ඇති අතර පසුව ඔහු ළිඳේ වැටී සිටියදි ගොඩට ගෙන බන්ධනාගාර රෝහල මගින් කරාපිටිය රෝහලට යවා ඇත. කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඔහු අද මියගොස් තිබේ

මේ සම්බන්ධයෙන්  මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතව තිබුණි  ගාල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දහනායක, සැරයන් කරුණාරත්න (59024) යන මහත්වරුන් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *