Skip to content

ගාල්ල දිසාපති පත් කරයි

ගාල්ල පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් / දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ගාල්ල පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ලෙස දැනට කටයුතු කරනු ලබන ඩබ්ලිව්. ඒ. ධර්මසිරි මහතා 2026 -01-25 දිනෙන් පසු රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිත ය. ඒ අනුව පුරප්පාඩු වන ගාල්ල දිස්ත්‍රික් ලේකම්/දිසාපති තනතුරට දැනට දකුණු පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු, ග්‍රාමීය සංවර්ධන, සංස්කෘතික භා කලා කටයුතු, සමාජ සුබ සාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා, කාන්තා කටයුතු සහ ගෘහ ආර්ථික ප්‍රවර්ධන, නිවාස හා ඉදිකිරීම් සහ මිනිස්බල හා රැකී රක්ෂා අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි කේ. යූ. චන්ද්‍රලාල් මහතා 2026-01-26 දින සිට ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

© 2019-2020 LKReports.com