ගල්කිස්ස, හුළුදාගොඩ පාරේ පිහිටි ගරාජයකට එල්ල වූ වෙඩි ප්රහාරයකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලිසිය සඳහන් කළේ ගරාජය ඉලක්ක කර වෙඩි තැබීම සිදුකර ඇති අතර, එහිදී එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි.
තුවාල ලැබූ පුද්ගලයා ප්රතිකාර සඳහා කළුබෝවිල කොළඹ දකුණු ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව ඔහු තුවාල හේතුවෙන් මියගොස් තිබේ.
වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර, මියගිය පුද්ගලයා සහ ප්රහාරයට සම්බන්ධ සැකකරුවන් පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.


