මීරිගම, මදුරුපිටිය ප්‍රදේශයේ මහ ඔයේ දිය නෑමට ගිය තරුණයන් තිදෙනෙකු දියේ ගිලීමේ අවදානමකට ලක්වීමෙන් 19 හැවිරිදි තරුණයෙකු මියගොස් තවත් තරුණයෙකු අතුරුදන්ව තිබේ.
පොලිසිය සඳහන් කළේ මෙම සිද්ධිය අගෝස්තු 15 වැනිදා සවස සිදුව ඇති බවයි.
තරුණයන් තිදෙනාගෙන් දෙදෙනෙකු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන දඹදෙණිය රෝහලට ඇතුළත් කර තිබේ. එහෙත් ඔවුන්ගෙන් එක් අයෙකු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
මියගිය තරුණයා මීරිගම ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි අයෙකු බව පොලිසිය සඳහන් කළේය.
අතුරුදන්ව සිටින තරුණයා සොයා මීරිගම පොලිසිය, පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.


