කෝටි 20ක අයිස් මධ්‍යම තැපැලෙ

පාකිස්තානයේ සිට එවා තිබූ පාර්සලයක තිබී රුපියල් කෝටි 20 කට ආසන්න වටිනාකමින් යුත් ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5කට ආසන්න තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමරුවේදී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය අත්අඩංගුවට ගත්තේය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ තැපැල් දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4යි ග්‍රෑම් 847ක් එහිදී අත්අඩංගුවට ගත් බවත් එම පාර්සලයේ හිමිකරු යැයි කියන පුද්ගලයා සහ සහකයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බවත් රේගු දෙපාර්තමේන්තුව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *