කොළොන්නාව හදන සැලසුම් කඩිනම් කරයි

මධ්‍යම රජයෙන් සහ අනෙකුත් ආයතන වලින් කොලොන්නාවේ ප්‍රාදේශීය සහ නගර සංවර්ධනය වෙනුවෙන් වෙන්කොට ඇති මුදල් වලින්  කිරීමට යෝජිත,දැනට වැඩ අවසන් කොට ඇති සහ වැඩ අවසන් නොමැති ව්‍යාපෘතීන් පිළිබඳව සමාලෝචනයක්  කොලොන්නාව ආසන සංවර්ධන කමිටුවේ දී  සිදු විය .

ඊට අදාළව ග්‍රාම සංවර්ධන වැඩසටහන් වල සැලසුම් වල තත්ත්වයත්, ජීවනෝපාය හා ව්‍යවසායකත්ව සංවර්ධන ව්‍යාපෘතීන්හි වත්මන් තත්වයත්, ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන් වලට අදාළව සංවර්ධන ව්‍යාපෘති වල වත්මන් තත්ත්වය එහිදී විමසා බැලිණි.

වර්ෂ අවසාන වන විට ව්‍යාපෘති සියල්ල අවසන් කරලීමට කඩිනමින් ගත යුතු ක්‍රියාමාර්ග මොනවා ද යන්න පිළිබඳවද එහිදී අවධානය යොමු විය.

කාල රාමුවක් යොදාගනිමින් කඩිනමින් සංවර්ධන ව්‍යාපෘතීන්හි සැලසුම් අවසන් කොට ව්‍යාපෘති සියල්ල කඩිනමින් මෙන්ම ඵලදායී ලෙස අවසන් කිරීමට නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්විණි.

කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවට කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ධනුෂ්ක ප්‍රියදර්ශන, කොලොන්නාව නගර සභාවේ සභාපති ධම්මික විජේමුණි, කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහත්වරු ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *