කොළඹ නගර සභා කර්මාන්තශාලා සේවකයන් හොර අතිකාල අරගෙන

කොළඹ මහ නගර සභාවේ නාගරික කර්මාන්තශාලාවේ නිලධාරීන් සහ සේවකයන් පසුගිය වසරේ නීති විරෝධීව රුපියල් ලක්‍ෂ 8කට ආසන්න මුදලක් (රුපියල් 779,704) අතිකාල දීමනා ලෙස ලබාගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය විගණන වාර්තාවකින් පවසයි.

ජාතික විගණන කාර්යාලය කොළඹ මහ නගර සභාවේ නාගරික කර්මාන්තශාලාවේ නිලධාරීන් සහ සේවකයන්ගේ පසුගිය වසරේ (2024) වැටුප්, අතිකාල දීමනා හා නිවාඩු දින වැටුප් ගෙවීමට අදාලව කළ විගණන පරීක්‍ෂාවේ දී මෙම තොරතුරු අනාවරණය වී තිබේ.

ඇඟිලි සලකුණු යන්ත්‍ර වාර්තාවට පටහණිව ‘චෙක් රෝල්’හි පැමිණීමේ දිනයක් ලෙස වාර්තා කර රුපියල් 393,594 ක්, ඇඟිලි සලකුණු යන්ත්‍ර වාර්තාවට පටහැණිව රුපියල් 247,567 ක්, වැටුප් රහිත නිවාඩු ලබාගෙන ඇති අවස්ථාවල රුපියල් 96,101 ක් සහ ඊට පෙර සිකුරාදා සහ පසුදින සඳුදා දිනවල සේවය නොකර සෙනසුරාදා හා ඉරිදා යන දිනවල රුපියල් 42,442 ක් ලෙස මෙලෙස නීති විරෝධීව රුපියල් 779,704 ක් අතිකාල ලෙස ගෙවා ඇතැයි විගණන වාර්තාව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *