කොවිඩ් නිසා ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 7කට දැඩි සංචරණ සීමා

කොවිඩ් -19 ආසාදිතයින් 25 දෙනෙකු හඳුනාගැනීමත් සමග ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 7කට දැඩි සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා සඳහන් කළේ මිලිද්දූව, කෝන්ගහ, තලාපිටිය, දංගෙදර නැගෙනහිර, දෙද්දුගොඩ උතුර, දෙද්දුගොඩ දකුණ සහ මකුළුව යන ග්‍රාම නිලධාරී වසම්වලට සංචරණ සීමා පනවා ඇති බවයි.

ඒ අනුව ඉහත ප්‍රදේශවල පදිංචි කිසිදු පුද්ගලයෙකුට නැවත දැනුම්දෙන තුරු නිවසින් පිටතට යා නොහැකි බවද ඒ මහතා පවසි සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *