කොල්ලුපිටියේ විද්‍යාලයක ගේට්ටුවට වෙඩි ප්‍රහාර 15ක්

යතුරු පැදියකින් පැමිණි  නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු අද (25) කොල්ලුපිටිය ආර් ඒ ද මෙල් මාවතේ සංගීත විද්‍යාලයක්  පිහිටි ගොඩනැගිල්ල දෙසට හා ගේට්ටුවට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා පලා ගොස් ඇතැයි කොල්ලූපිටිය පොලිසිය සඳහන් කරයි.

වෙඩි ප්‍රහාර 15 ක් පමණ එම දෙසට එල්ල කර ඇතැයි පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත

එම විද්‍යාලයේ ඉදිරිපිට හිස් පතොරොම් කොපු ඇති බවට  කොල්ලූපිටිය පොලිසියට ලද දුරකථන පණිවිඩයක් අනුව ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ නිලධාරීන් පිරිසක් එහි ගොස් පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය කියයි.

අලුයම 02.35 ට පමණ යතුරු පැදියකින් නාඳුනන පුද්ගලයන් දෙදෙනකුු පැමිණ පිටුපස අසුනේ සිටි පුද්ගලයා එකවරම ගිනි අවියකින් එම ගොඩනැගිල්ල දෙසට හා ගේට්ටුව දෙසට වෙඩි ප්‍රහාර එල්ල කරන අයුරු සීසීටීවි කැමරාවක සටහන්ව ඇතැයි ද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *