‘කුෂ්‘සමඟ විදෙස් කත ගුවන්තොටේදී මාට්ටු

රුපියල් පන් කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් තම ගමන් මල්ලෙහි සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිට වී යමින් සිටි විදේශීය ගුවන් මගී කාන්තාවක් 16 රාත්‍රී රේගු මත්ද්‍රව්‍ය පාළන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

ඇය 23 හැවිරිදි ඩෙන්මාර්ක් ජාතික තරුණියකි .

ඇය මෙම ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් රැගෙන   ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත පැමිණ ඉන්පසු ඇය එතැන් සිට 16 දින ඉන්ඩිගෝ ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණේ රේගු නිලධාරීන්ගේ අවධානය වෙනතකට යොමු කරමිනි .

ඇය විසින් රැගෙන විත් තිබූ ගමන් මල්ල තුළ ” ස්නැක් ” අඩංගු , වායු ඇතුළට කාන්දු නොවන පැකට් 25 ක් තුළ මෙම ” කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05 යි ග්‍රෑම් 700 ක ප්‍රමාණය සගවා ගෙන තිබුණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *