තිස්සමහාරාම අඳගලවැල්ල ප්‍රදේශයේ මුහුදේ සිට වෙරළට මත්ද්‍රව්‍ය රැගෙන එමින් සිටියදී අද අලූයම එකයි තිහට පමණ අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාස ඒකකය කියයි.
ගැඹුරු මුහුදේ සිට බහුතර යාත්‍රාවකින් රැගෙන මත්ද්‍රව්‍ය කුඩා බෝට්ටුවකට මාරු කර එම යාත්‍රාව මගින් අඳගල වැල්ල ප්‍රදේශයේ වෙරළට කඹයක ආධාරයෙන් පාවෙනසේ දමා ගොස් තිබූ අතර එය සැකකරුවන් විසින් ගොඩබිමට රැගෙන එන අවස්ථාවේ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
පොලිසිය සඳහන් කරන පරිදි මත්ද්‍රව්‍ය පුරවන ලද කිලෝ පනහේ පොහොර කවර 19 තිබූ තිබූ අතර මත්ද්‍රව්‍ය හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 400කට ආසන්න ප්‍රමාණයක් ඇතැයි පොලිසිය කියයි.
ගැටගසා තිබූ මත්ද්‍රව්‍යය සැකකරුවන් සමග පොලිසියට රැගෙන ආ බව පොලිසිය කීය.
මෙම වැටලීමේදී සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා පැමිණි රථ වාහන හයක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිසිය කීය.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යය මහා ටැක්ටරයක් ආදාරයෙන් අඳගල වැල්ලේ සිට කිරිඳ පොලිසියට රැගෙන ගියේය.
මත්ද්‍රව්‍ය රැගෙන යාමට ආ සැකකරුවන් හික්කඩුව සහ කඩුවිල රන්න ප්‍රදේශවල පදිංචි අයවරුන් බව පොලිසිය කියයි.


