කළු සල්ලි සුදු කළැයි කපුවා කෝටි 33ක් සමග මාට්ටු

ප්‍රසිද්ධ ව්‍යාපාරික ක්ලබ් වසන්ත ඝාතනය සිද්ධියේ ප්‍රධාන සැකකරු වන දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින “ලොකු පැටී” නමැත්තාගේ මුදල් පාලන කටයුතු බාරව කටයුතු කරමින් සිටි ගන්දර ප්‍රදේශයේ ප්‍රසිද්ධ කපු මහතකු නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් කළ විමර්ශනයේ දී ඔහුගේ ගිණුම්වලින් රුපියල් කෝටි 33 ක් මුදලක් සංසරණය වී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මෙම සැකකරු ලොකු පැටී නැමැත්තා සමග දැඩි සමීප සම්බන්ධතා පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වීයැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.

බෙලරෑස් රාජ්‍යයේ දී එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇති ලොකු පැටී නැමැත්තා ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් මේ වනවිට රිමාන්ඩ් බාරයේ පසුවෙ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *